Pages

Saturday, July 30, 2011

to lovers

හරි මම අද කියලා දෙන්න හදන්නේ තමන් ආදරේ කරන කෙල්ලව හෝ යාලු මිත්‍ර යෙහෙළියෙක් ව.. සතුටින් තියා ගන්නා ආකාරය..
බලන්න කෝ මේ ක්‍රම වලින් ඔයාගේ කෙල්ලට හිනා ව වගේම සතුටක් කොයි තරම් ගෙන දෙයි ද කියලා..



  • ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..
  • ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ
  • පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා ) 
  • උදේට නැගිටින්න තියෙන එලාම් එකට කෙල්ලගේ කටහඩ ඇතුල් කරන්න ( තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ක්‍රියාවලිය කරන්න පුලුවන් )
  • ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්‍රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )
  • සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )
  • ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..
  • ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..
  • ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්‍රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්‍රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි.  )
  • ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..
  • ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ.  )
  • කිසිම දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා ලග කියලා කියන්න..
  • ඔබේ හොදම යාලුවා පැමිණි අවස්ථාවේදි වුනත් පුලුවන් තරම් ඇයත් සමග එකට ඉදගෙන කාලය ගත කරන්න..
  • ඇයගේ ඇස් දිහා බලලා හිනා වෙන්න..
  • පුලුවන් තරම් සති අන්තයේදි ඇයත් එක්ක කාලය ගත කරන්න බලන්න ( අඩුම තරමින් ෆිල්ම් එකක් හරි බලන්න එක්ක යන්න / බොක්ස් එකට නෙවෙයි  )
  • වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්‍රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )
  • ඔබ ගේ ප්‍රියතම සිංදුවක් යන අවස්ථාවේදි ඒ සිංදුවට ඇයටත් සවන් යොමු කරන්න කියන්න..
  • ඇය ඔයාගේ උපන්දිනයට හෝ මොනයම් හේතුවකදි වුනත් තෑග්ගක් දුන් අවස්ථාවේදි ඒ තෑග්ගට කැමැත්තක් තිබ්බාත් නැතත්.. ඇයට කියන්න මේ තෑග්ගට මම කැමැතියි කියලා..
  • තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..
  • පුලුවන් තරම් ඇයට දුරකථනයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න.. නිදා ගන්න යද්දි වුනත් කතා කරන්න පැය ගානක් ඕනේ නෑ විනාඩි 2 හෝ 3 ක් වුනත් ඇති.. ( හැම කෙල්ලෙක් ම කැමැතියි නිදා ගන්න කලින් අඩුම තරමින් අපේ කටහඩ අහනවාට..  )
  • ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..
  • හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි..  ) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. ) 
  • ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..

No comments:

Post a Comment